බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍යංශයේදීයි.
මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබඳතා තර කරගැනීම පිළිබදව අවධානය යොමු කර තිබෙනවා.
කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන්වල එක්ව කටයුතු කරමින් ඒවා විසඳා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුනේ.
එහිදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සමීප මිත්‍ර රටක් ලෙස ඕමානය සමග ඇති සම්බන්ධතා ඉතා ඉහළින් අගය කරන බවයි.
මෙරට තුළ ඇති විවිධ ආයෝජන අවස්ථා සැළකිල්ලට ගෙන බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා එක්වන ලෙස අමාත්‍යවරයා ඕමාන තානාපතිට ආරාධනා කර තිබෙනවා .
ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති යහපත් වාතාවරණය පිළිබදව තමන් දැනුවත් බවයි ඕමාන තානාපතිවරයා සදහන් කර ඇත්තේ.
තානාපතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබඳව අවධානය යොමුකරමින් තම රජයට හා පෞද්ගලික අංශයට ඒ පිළිබඳව දැනුවත් කිරීම් කිරීමට පියවර ගන්නා බවයි.
දෙරට අතර සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීම ඕමානයේද අපේක්ෂාව වන බව මෙහිදී අදහස් දැක්වමින් ඕමාන තානාපතිවරයා සදහන් කළා.
උණුසුම් පුවත්
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්











