බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද පිටත්ව ගියා.
කලාපයේ උපයෝගීතා ක්ෂේත්‍රයට අදාළව පැවැත්වෙන ඉහළම සමුළුවක් වන මෙම සමුළුව මේ මස 27 වැනිදා සිට 29 දක්වා අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙනවා.
2022 වසරේ ආරම්භ වූ මෙම සමුළුවට සමගාමීව වෙළඳ ප්‍රදර්ශනයක්, විද්වත් සාකච්ඡා සහ සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා.