බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් රාමනාදපුරම් සහ හුංගම යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ රාමනාදපුරම් පොලිසියට ලද තොරතුරක් මත ඊයේ(21) රාත්‍රී කාලයේ රාමනාදපුරම්, සින්නසන්දිය ප්‍රදේශයේ කළ වැටලීමක් මත බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 1220ක් හා ඩීසල් ලීටර් 530ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 24ක් පමණ වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
රාමනාදපුරම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී හුංගම පොලිසියේ නිලධාරීන් සිදු කරන ලද වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2200ක් අඩංගු බැරල් 11ක් සන්තකයේ තබාගෙන සිටි සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 80ක් පමණ වන ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














