බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා.
හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෑන් රථයක් නතර කර පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ ඖෂධ බවට අනුමාන කළ හැකි පෙති අඩංගු ඇසුරුම් 64ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වුනේ.
එම වෑන් රථයේ සිටි කාන්තාවට එම ඖෂධ සම්බන්ධයෙන් නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකිවීම මත කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
සැකකාරිය අවුරුදු 29ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














