සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව තිබෙනවා.
ලොව ප්රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරටයි එම මහත්මියගේ නම අතුලත් කර ඇත්තේ.
කල්දේරා මහත්මිය ශ්රී ලංකාවේ සමලිංගික ප්රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් වනවා. ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්රහණ අත්කර දී තිබෙන බවයි ටයිම්ස් සඟරාව වාර්තා කර ඇත්තේ.