බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ යුක්තිය මෙහෙයුමේ දී හෙරෝයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලන්ගොඩ නගරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල ඊයේ පස්වරුවේ මෙම මෙහෙයුම දියත් කර තිබුනා.
පොලිසිය සඳහන් කලේ බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී පමණක් පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත බවයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71ක් හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් සහ ගංජා ග්‍රෑම් 550ක් එහි දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.