බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔවුන් අද (10) පෙරවරුවේ බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණා.
නොසැලකිලිමත් ලෙස කටයුතු කර දරුවාට ආරක්ෂාව සහ රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත මෙලෙස මව සහ පියා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
එමෙන්ම අනියම් සැමියාටද වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුර බලන්ගොඩ මූලික රෝහලේ දී සිදුකිරිමෙන් අනතුරුව, අවසන් කටයුතු සිදුකිරීම සඳහා සිරැර පවුලේ ඥතින් වෙත භාරදුන්නා.