තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩසහිත වසර 22ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විත්තිකරුට රුපියල් 30,000ක් දඩයක් ද නියම කළ විනිසුරුවරයා අල්ලස් පනතේ 26 වන වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් ලෙස අය කර ගන්නා ලෙසත් නියෝග කර තිබෙන අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් දැනුම් දී තිබෙනවා.