තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඇමරිකානු වත්මන් ජනාපති ජෝ බයිඩන් පවසනවා .
ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවයි ජෝ බයිඩන් සදහන් කළේ.
ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස, ඩිමොක්රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින්.
81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ධූරය සදහා පත්වූ වයස්ගතම පුද්ගලයා වනවා.
ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්,නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගත හොත් එරට ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇති.