බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතු යායේ තෘණ කැපීමට ගිය වතු කම්කරුවෙකුට අද(26) දහවල් 1ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ බගවන්තලාව, කම්පියන් ලින්ෆෝඩ් වතුයායේ කරුපන් ගුණ්ඩු නමැති 69 හැවිරිදි තිදරු පියෙකි.
නිවසේ ඇති කරන එළදෙනුන්ට තෘණ කැපීම සඳහා ගොස් තෘණ කපමින් සිටියදී ඒ අසලම විශාල ගසක බැද තිබූ බඹර කූඩුවක වද කඩා ගැනීමට උකුස්සෙකු පහරදීම නිසා ඇවිස්සුණු බඹරුන් තෘණ කැපීමට ගිය පුද්ගලයාට පහරදී තිබෙනවා.
බඹර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර ඥාතීන් සහ එම වතු යායේ වතුකම්කරුවන් එක්ව බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත භාරදී ඇති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව රෝහලේ නිලධාරියෙකු කියා සිටියා.













