බගවන්තලාව, බොගවාන කිලාලි වතුයායේ ඊයේ(28) දින සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බගවන්තලාව බොගවාන කිලාලි වතුයායේ වතු කම්කරු කාන්තාවන් පිරිසක් ඊයේ(28) දින තේ දළු නෙළමින් සිටින විටදී වතුයායේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹරුන් පහරදී තිබෙනවා.
මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වතුයායේම පදිංචි වයස අවුරුදු 48, 52 සහ 56 යන වයස්වල පසු වූ කාන්තාවන් තිදෙනෙකි.
බඹර ප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.













