තලාතුඔය, කෝන්ගහකොටුව ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එලෙස බඹර ප්‍රහාරයට ලක්වූ එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පුද්ගලයන් හත් දෙනෙක් ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බඹර ප්‍රහාරය එල්ලවීමෙන් තුවාල ලැබූ අට දෙනා අතර සිටි වයස අවුරුදු 70ක් පමණ වන පුද්ගලයෙකු තත්ත්වය අසාධ්‍ය වූ හෙයින් ඔහු මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවුණා.
එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.













