එප්පාල, රොටවැව, තේක්ක රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
කරපිංචා දළු කැඩීමට අද(08) පස්වරුවේ ගිය කාන්තාවක් එලෙස බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා එප්පාවල රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ තුවාලකාරිය රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් පමණ වන එප්පාවල, රොටවැව ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.
ඔවුන් කරපිංචා කඩා වේලා විකිණීම සිය ජීවිකාව ලෙස සිදු කරනු ලබන අතර, ඇයගේ සැමියා ඇතුළු ගම්මානයේ පිරිසක් සමග රොටවැව තේක්ක රක්ෂිතයේ කිලෝමීටරයක් පමණ දුරට ඇතුළුවී කරපිංචා කඩා එකතු කරමින් සිටියදී මෙලෙස බඳින තුවක්කුව පත්තු වී තිබෙනවා.
මස් පිණිස මුවන්, ගෝනන් හා වල් ඌරන් වැනි වන සතුන් ඝාතනය කිරීම සඳහා බඳින තුවක්කු (කඳන්) ඇටවීම මස්වැද්දන් විසින් රක්ෂිතය තුළ සිදු කරනු ලබන අතර එසේ ඇටවූ බඳින තුවක්කුවක් පත්තු වී ඇයගේ කකුල් හා කලවා ප්‍රදේශයට තුවාල සිදුව තිබෙනවා.
ඒබ ව දැනගත් පිරිස කඩිමින් ඇය රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතත් ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇයගේ මෘත ශරීරය එප්පාවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර තුවක්කුව බඳින ලද පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.