බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත්, රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසනවා.
වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 07 කින් සමන්විත වන අතර, සියලුම දර්ශන පටිගත වන බවත් දිනය අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් ඔහු සඳහන් කළා.
කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවයි බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරන්නේ.