බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් හතර දෙනෙක් රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා රැඳවියන් දෙදෙනෙකු පහරදීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට වූ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 07 වන දින ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකදී එම රැඳවියන් දෙදෙනා සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට පහරදී ඇති බවයි වාර්තාවන්නේ.
ඊට අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර නියාමකවරුන් සිව්දෙනා අනුබල ලබාදී ඇති බවට අනාවරණ වීමත් සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මින් පෙර බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නියාමකවරුන් සිව්දෙනා ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉිදරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.













