
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් අද කළුතර බන්ධනාගාරයේදී පැවැත්වුණා. රැඳවියන්ගේ පහසුකම් බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතා ලබාදීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.














