රෝහල් ගත කරන ලද රමිත රඹුක්වැල්ල මහතා යළි බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා.
පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල රෝහල් ගත කරන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.
මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ ඔහු පරීක්ෂා කරන ලද ලියාපදිංචි වෛද්‍යවරියක විසිනි.
කෙසේ වෙතත් ඔහුව පරීක්ෂාවට ලක් කරන ලද වෙනත් වෛද්‍යවරයෙකුගේ නිගමනය වී ඇත්තේ රෝහල්ගතකර තැබීමට තරම් සෞඛ්‍යමය ගැටළුවකින් ඔහු පීඩා නොවිදින බවයි.