නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසනවා.
ඔහු සදහන් කළේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.
ඊයේ දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.













