බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.
ඒ අනුව, අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා නගරාධිපතිවරයා ලෙස තේරි පත්ව තිබෙනවා.
බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06 හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවුණා.
සමගි ජන බලවේගය සඳහාබණ්ඩාරවෙල මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් හිමිව තිබුණා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි වුණා.