බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබල වේගය සමත්ව ඇති අතර නගරාධිපතිවරයා ලෙස ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා තේරි පත්ව තිබෙනවා.
අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් ඔහු නගරාධිපතිවරයා ලෙස පත්ව තිබෙනවා.
බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06 හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවුණා.
සමගි ජන බලවේගය සඳහා එම මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවුණා.
උප නගරාධිපති ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 01 ශ්‍රීකාන්ත් නන්ද මහතාගේ නම ජාතික ජන බලවේගය විසින් යෝජනා කළ අතර ඔහුටද නගරාධිපතිවරයාට හිමිවු ඡන්ද අටම හිමිවුණා.