බස් රථයක් තුළ සිටි කාන්තාවකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පොලේ නවතා තිබූ බස් රථයක් තුළ සිටි කාන්තාවකටයි.
ප්‍රහාරයට ලක්වූ කාන්තාව බණ්ඩාරවෙල ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරව දියතලාව මූලික රෝහලටත් තත්ත්වය බරපතල වූ බැවින් බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා තිබෙනවා.
ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා බස් රථයේ රියදුරු සහ ත්‍රීරෝ රථ රියදුරෙක් විසින් අල්ලා කණුවක බැඳ තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැලවීමත් සමග පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදු කළ බව අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසිය වෙත පවසා තිබෙනවා.