බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
ඒ අනුව පැතුම් නිස්සංක ,කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා,කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ද මෙම සංචිතයට ඇතුලත් .
එමෙන්ම දසුන් ශානක ,දුනිත් වෙල්ලාලගේ,වනිඳු හසරංග ,චාමික කරුණාරත්න යන තුන් ඉරියව් ක්‍රීඩකයින්ද අදාළ සංචිතය සදහා නම් කර තිබෙනවා.
මහීෂ් තීක්ෂණ , ජෙෆ්රි වැන්ඩසේ ,මතීෂ පතිරණ,නුවන් තුෂාර,බිනුර ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග යන පන්දු යවන්නන්ද බංගලාදේශයට එරෙහි විස්සයි විස්ස සංචිතයට ඇතුලත් වනවා.
දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී එළඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතයි.
දෙවන සහ තුන්වන තරග ලබන 13 සහ 16 වනදා පැවැත්වෙනවා .
මෙම සියලු විස්සයි විස්ස තරග රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පවතිනවා.
හෙට තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී .
එම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනු ඇති.