සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ ලකුණු 249ක් ලබාගත යුතු වනවා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වේස් හොස්සෙයින් ලකුණු 67ක්ද ටොව්හිඩ් රිදෝයි ලකුණු 51ක්ද ලබාගත්තා.
නොදැවී පන්දුවට පහර දුන් ටන්සිම් හසන් ලකුණු 33ක් ලබාගත්තා.
ජාකර් අලි 24ක්ද සමිම් හොස්සෙයින් 22ක්ද ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක්ද දුෂ්මන්ත චමීර සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
වනිදු හසරංග මෙවර තරගයේදී දවාගත් කඩුලු සංඛ්‍යාව තුනක්.
ජයග්‍රාහී ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාකණ්ඩායම පන්දුවාර 7ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබා සිටිනවා.
දැවී ගිය ක්‍රීඩකයා වන්නේ පැතුම් නිශ්ශංකයි.