හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ දෙවන තරග පරාජයට පත් වුණා .
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කල පළමු තරගය හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුණා.
එහිදී හොංකොං කණ්ඩායම එම තරගය ජයගත්තේ කඩුලු 4කින්.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 79ක් ලබා ගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං ක්‍රීඩකයින් ඉනිමේ පන්දුවාර 03යි පන්දු හතරක දී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක ඉලක්කය සපුරා ගනිමින් තරගය ජය ගත්තා.
මේ අතර හොංකොං සිකසර්ස් ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයත් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දුවාර 06 අවසානයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76ක් .
පිළිතුරු ඉනිම දියත්කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ සියල්ලන් දැවී ගොස් ලකුණු 61 ක් පමණයි.













