පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 9 වන සඳුදා දිනයේ සිට 12 වනදා දක්වා එම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ගමන්වාර විස්සක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
පොසොන් සතිය ජුනි මස 13 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
මෙවර පොසොන් උත්සවය අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.