එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් හාර දහසකට අධික සංඛ්‍යාවක් මේවන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ 9 වැනි සඳුදා පස්වරු දක්වා දන්සල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කරන බවත් මේ වන විට දන්සල් 4125ක් පමණ ලියාපදිංචි කර ඇති බවත්ය.
මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් දන්සල් සංවිධායකවරුන්ට ඒ ගැන උපදෙස් මාලාවක් ලබාදීමටද පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා කියා සිටියේ.