පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය සහ අටමස්ථානය මුල් කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් අට දහසක් පමණ අනුයුක්ත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
රථ වාහන හැරසවීමට සහ ආරක්ෂක කටයුතු සඳහා එම පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.
එසේම එම ප්‍රදේශයන්හි වැව් ආශ්‍රීතව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්ද යොදවා ඇති බවද සඳහන්.