ශ්‍රී ලංකා රජය බැංකු පොලී අනුපාතය යළි ඉහළ දැමීම මේ මොහොතේ ගත යුතුව තිබූ ක්‍රියාමාර්ගයක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.ඔවුන් සඳහන් කළේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රජය උද්ධමන පාලනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැසසුමට ලක් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ ප්‍රකාශ කළේ, උද්ධමනය පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර යම් වෙනස්කම් පැවතිය ද ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නංවන බවයි .