පොලීසියේ හයදහසකට වැඩි පිරිසකට ලබන වසරේ දී උසස්වීම් ලබාදෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මේ අතර පසුගිය ජනවාරියේ සිට මේ දක්වා අනීතිකව කටයුතු කළ පොලිස් නිලධාරීන් 310 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටිනවා.
මහියංගනය පොලිස් කොට්ඨාසයේ දිවුලපැලැස්ස පොලිස් ස්ථානය සඳහා ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ හමුවට එක්වූ අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට ලබා දෙන උසස්වීම් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා.
පොලිස් නිලධාරීන්ගේ සහ මහජනතාවගේ ගැටලු පොලිස් මූලස්ථානයට දැනුම්දිය හැකි වට්ස්ඇප් දුරකතන අංකයක් ලබන සතියේ දී හඳුන්වාදෙන බවයි මෙම අවස්ථාවට එක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ.