ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතර දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි.
ඒ අනුව සන්දිවේලි පොලිස් ස්ථානාධිපති තනතුරේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සුදර්ශන් මහතා මොනරාගල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.
මේ අතර ගලහ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී.එස්.පී.කේ. ගුණසේකර මහතා සන්දිවේලි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු ලැබ තිබෙනවා.
මොනරාගල කොට්ඨාසයේ සිට ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.පී.ඩී. රත්නායක මහතා පත් තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සතාන් මහතා අම්පාර කොට්ඨාසයේ සිට පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
මේ අතර මඩාටුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද පොලිස් පරීක්ෂක කේ.ජී.ආර්. අභයවංශ මහතා ගලහ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුර සඳහා ස්ථාන මාරු ලැබ තිබෙනවා.
කෑගල්ල කොට්ඨාසයේ සිට මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු ලැබ ඇත්තේ පොලිස් පරීක්ෂක ඩබ්.එස්.එන්.කේ. සිරිසේන මහතාටයි.