පොලිසිය විසින් සිදු කරන සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ දිනය පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කර තිබෙනවා.
මෙම මෙහෙයුම් මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබනවා.
එහිදී පොලිස් නිළධාරීන් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 73,00කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී ඇත.
එහිදී පුද්ගලයන් 24,690 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 9,717 ක් හා යතුරු පැදි 7,637ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
මෙම මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,427 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 461 මිලිග්‍රෑම් 866ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 401 මිලිග්‍රෑම් 416ක ප්‍රමාණයක් ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය 20 දින සිදු කළ මෙහෙයුම් මගින් ගිනි අවි 02ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එපමණක් නොව එම විශේෂ වැටලීම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 30 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ වැරදි සම්බන්දයෙන් වරෙන්තුකරුවන් 367 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. .