“නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ.
එම යෝජනා ක්‍රමය පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීමට ක්‍රියාත්මක වීමට නියමිතය.
එම යෝජනා ක්‍රමයට අදාළ කැබිනට් යෝජනාවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූණා. එමෙන්ම මීට පෙර ඊට කැබිනට් අනුමැතියද හිමිව තිබුණි.
පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථය තුළ යම් සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් පෞද්ගලික නීති සහාය ලබාගැනීමට සිදුවුවහොත් ඒ සඳහා මූල්‍යමය සහාය ලබාදීම මෙම යෝජනා ක්රමයේ අරමුණයි.