පසුගිය මාස හයක පමණ කාලය තුළ පොලිසියේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අගතියට පත්වීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහි පැමිණිලි 11450ක් පමණ ලැබී ඇති බව පොලිස් කොමිසන් සභාව පවසනවා.
එයින් පැමිණිලි 9774ක් ලැබී ඇත්තේ 1960 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ බවද එම කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
එම පැමිණිලිවලින් 1841කට මේ වනවිටත් විසඳුම් ලබාදී ඇති බවත් ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන හා ඉදිරි නීතිය කටයුතු සඳහා පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.
පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පැමිණිලි විභාග නොකිරීම සහ පක්ෂග්රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
එසේම බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවද කොමිසම අවධාරණය කරනවා.