බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මාංචු කුට්ටමක් සමග පොලිස් සැරයන්වරයෙකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන 43 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
අදාළ පොලිස් සැරයන්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
අදාළ සැරයන්වරයා මහනුවර දළදා වීදියේ හෝටලයකින් තේ පානය කර ගමන් බෑගය එහි අමතක කර දමා ගොස් තිබෙනවා.
එය පරීක්ෂා කළ හෝටල් කාර්ය මණ්ඩලය සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මහනුවර පොලිසියේ පොලිස් කණ්ඩායමක් ගොස් අදාළ ගමන් බෑගය පරීක්ෂාවට ලක් කිරීමේදී ලියකියවිලි රැසක් සහ අදාළ මාංචු කුට්ටම සොයාගෙන තිබෙනවා.
බෑගයේ තිබූ ලේඛන පරීක්ෂා කිරීමේදී එහි හිමිකරු කැලණිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන සැරයන්වරයකු බවට අනාවරණ කරගෙන තිබෙනවා.
අනුව අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය අදාළ සැරයන්වරයාගෙන් මාංචු කුට්ටම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතත් එය හමු වූ ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.