පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් වරෙන්තුකරුවන් 288 දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 178 දෙනෙක්ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය සදහන් කළා.
තවද බීමත් රියදුරන් 22 ක් ද අපරික්ෂාකාරී ලෙස රියට පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 16 ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එමෙන්ම රථවාහන වැරදි සඳහා පුද්ගලයින් 4,320 කට නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













