පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් වරෙන්තුකරුවන් 288 දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 178 දෙනෙක්ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය සදහන් කළා.
තවද බීමත් රියදුරන් 22 ක් ද අපරික්ෂාකාරී ලෙස රියට පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 16 ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එමෙන්ම රථවාහන වැරදි සඳහා පුද්ගලයින් 4,320 කට නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













