පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 270 ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 996 ක් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය පවසනවා.
මේ අතර මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 395 ක් සහ යම් රසායනිකයක් බවට සැකකෙරෙන ද්‍රව්‍යයක් සහිත පැකට් 60,000 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව පොලිසිය වැටලීම සිදුකළේ වයික්කාල ප්‍රදේශයේදී.
එම ද්‍රව්‍ය ධීවර බෝට්ටු 4 කින් ගෙනැවිත් තමන්ට භාරදුන් බවයි සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ.













