පාකිස්ථානයේ කරච්චි නුවර පොලිස් මුලස්ථානයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අදාළ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊයේ අලුයම සිදුවු මෙම බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම පොලිස් නිලධාරීන් 18 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගතව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිල ඇදුමෙන් සැරසුනු පිරිසක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණා.
ප්‍රහාරකයින් සහ පකිස්ථාන ආරක්ෂක අංශ අතර පැය කිහිපයක වෙඩි හුවමාරුවන් පැවති බවයි වාර්තා වුණේ.










