ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරු වීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් එම් එස් බණ්ඩාර මහතා ස්ථාන මාරු කර තිබෙන්නේ කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙසයි.
මූස්ථාන පරිපාලන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ජී යූ සී හේරත් මහතා පත්කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් පී කේ ගාල්ලගේ මහතා සුබසාධක කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයායි.
තඹුත්තේගම කොට්ඨාසය භාර නිලධාරියා ලෙස පත්කර තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි සී යූ අයි කන්දේවත්ත මහතායි.
පොලිස් අධිකාරී කේ ඩබ්ලිව් ජී තුෂාර සේන මහතා බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.