පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතයි.
කමිටුව එදින පස්වරු 2 ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8 හි රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
කමිටුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ කැඳවා චෝදනා පත්‍රය භාර දෙනු ලැබුවා.