පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද යළි රැස්වීමට නියමිතයි.
තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අදාළ කමිටුව පත් කර තිබෙනවා.
සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට ඒ අනුව අද දිනයේදී නියමිතව තිබෙනවා.