පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන විශේෂ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන වාර්තාව මෙම මස අවසානයේදී බොහෝ දුරට අවසන් කිරීමට නියමිතව ඇති බවට වාර්තා වනවා.
විමර්ශන අවසන් වීමෙන් පසුව කමිටු වාර්තාව කමිටුවේ සභාපතිවරයා විසින් කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි.
කමිටුවේ වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කතානායකවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවටයි වාර්තා වන්නේ.