පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබෙනවා.
භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමේ තීරණය පිළිබඳ අවධානය යොමු කරමින් එම අධීක්ෂණ කාරක සභාව අදාළ යෝජනාව සිදුකර ඇති බව සඳහන් වන්නේ.
මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න පිළිබඳ සොයාබැලිය යුතු බවයි.
එමෙන්ම එම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.
එහිදී නිලදාරීන් පෙන්වා දී ඇත්තේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවිය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නොමැති බව යි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














