දේශීය වෙළෙඳ පොළේ පොල් මිල සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යාම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව හැටන් නගරයේ පොල් වෙළෙඳුන් පවසනවා.
පසුගිය මාස කිහිපය තුළ පොල් ගෙඩියක් රු. 220ක් වැනි මුදලකට අලෙවි වූ අතර මේවන විට පොල් ගෙඩියක් රුපියල් 100 සිට 170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළෙඳුන් අලෙවි කරනු ලබනවා.
ඇතැම් වෙළෙඳුන් වැඩි ලාභයක් තබා ගනිමින් පොල් අලෙවි කළ බවත් එම කාලයේ පොල් අලෙවිය අඩු වූ නිසා ආදායම් තත්ත්වයද පහළ ගොස් තිබූ බවයි හැටන් නගරයේ ඇතැම් පොල් වෙළෙඳුන් කියා සිටියේ.
ඉදිරි මාස කිහිපය තුළ පොල් මිල මීට වඩා අඩුවන බවත් දැනට වෙළෙඳ පොලේ ඉල්ලුමට වඩා පොල් සැපයුම් ලැබෙන බවද එම වෙළෙඳුන් කියා සිටියා.