වෙළෙඳපොළේ සුදු පොල්තෙල් ලෙස අලෙවියට ඇත්තේ විදෙස් රටවල්වල හෝටල් තුළ ආහාර බැදීමෙන් පසු ඉවත් කරන තෙල් බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා පවසනවා.
ඔහු චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළද කිසිඳු ඵලයක් නොමැති බවයි.
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතා වෙඩි තබා ඝාතනය කර වසරක් සපිරීම නිමිත්තෙන් ගාල්ල දිස්තික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය විසින් ගුණානුස්මරණ උත්සවයකට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් දැක්වීම සිදු කළා.