පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා.
ඒ අනුව මෙම ශුරතාවලිය මේ මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ.
ශුරතාවලිය පැවැත්වෙන්නේ එංගන්තයේ වේල්ස්හිදීයි.
මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක ඊයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද හමුවී තිබෙනවා.
රටවල් 32ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්වනු ඇති.