සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන පොට්ට අමිල නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෝණපල ප්‍රදේශයේදී මොරගහහේන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු සමග ඔහුගේ සමීපතමයින් බව කියන තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ මත් කරල් පන් දහසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොට්ට අමිල නමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මෝල් කසුන් නමැත්තාගේ ගෝලයෙකු බවටද පොලිසිය අනාවරණ කරනවා.
සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.