විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදුන් සැකකරුවන් සිව්දෙනෙක් පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(15) සවස් කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට පහරදීමක් සිදුකිරීමක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
මෙම සිසුන් පිරිස පේරාදෙණිය වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දියනෑමට ගොස් ඇති අතර එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමග ඇති වූ ආරවුලකදී මෙම පහරදීම සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරකෑමට ලක්වූ සිසුන් සිව්දෙනෙකු මේ වන විටත් පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියා සිටියා.
ඊයේ(15) දින මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී හා තවත් සැකකරුවෙක් අද(16) දින පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වීමෙන් පසුවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස්වල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අද(16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.













