පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයට හසු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක අධ්‍යයන කටයුතු එළැඹෙන 29 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසනවා.
ඒ අනුව කෘෂිකර්ම සහ පශූ වෛද්‍ය පීඨ දෙක එදින විවෘත කිරීමට නියමිතයි.
කළමනාකරණ පීඨය එළැඹෙන ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුලදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද උපකුලපතිවරයා පවසා තිබෙනවා.













