Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙෂාවර් පිපිරීමෙන් 33ක් මරුට – 150කට තුවාල

    පෙෂාවර් පිපිරීමෙන් 33ක් මරුට – 150කට තුවාල

    2023-01-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් පොලිස් නිලධාරීන් ඇතුළු 33 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    පකිස්ථානයේ පොලිස් මූලස්ථානයක් තුළ පිහිටි මුස්ලිම් පල්ලියක් තුළ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

    බෝම්බ පිපිරීමෙන් පසුව රටම සීරුවෙන් තැබීමටයි රජය තීරණය කර ඇත්තේ.

    දහවල් යාඥා මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

    පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් මාධ්‍ය වෙත කියා සිටියේ පල්ලියේ යාඥාව සඳහා නිලධාරීන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් සහභාගි වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

    ප්‍රහාරය හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් සුන්බුන් යට වැළලී ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් ආරක්ෂිතව පිටතට ගෙන ඒමට උත්සාහ කරන බවත් ඔහු කියා සිටියා.

    ගලවා ගැනීම් දිගටම සිදු කරගෙන යන බවත් දිවි ගලවා ගත් අය සුන්බුන් අතරින් හමුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පෙෂාවර්හි පොලිස් මූලස්ථානය නගරයේ වඩාත් දැඩි ලෙස පාලනය වන ප්‍රදේශයක් වන අතර බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිවාස පිහිටා ඇත්තේද එම ප්‍රදේශයේයි.

    එසේම පොලිස් මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබදවයි.

    පිපිරීමෙන් අනතුරුව රට දැඩි සීරුවෙන් තබා ඇති අතර මුරපොලවල් වැඩි කර අමතර ආරක්ෂක හමුදා යොදාව ඇති බවත් ඉස්ලාමාබාද් අගනුවර ගොඩනැගිලි සහ නගර පිවුස්ම ස්ථානවල ස්නයිපර් වෙඩික්කරුවන් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක්ද යන්න බෝම්බ නිෂ්ක්‍රීය අංශ සොයා බලමින් සිටින අතර දැනට තහවුරු කරගෙන ඇත්තේ දෙවන වන්දනාකරුවන් අතර පිපිරීම සිදුව ඇති බවයි.

    බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන 47 හැවිරිදි ෂාහිඩ් අලි කියා සිටියේ ඉමාම් යාඥාව ආරම්භ කර තත්පර කිහිපයකට පසුව පිපිරීම සිදු වූ බවයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කළුදුම් අහසට නඟින ආකාර දුටු බවත් තමාගේ ජීවිතය බේරා ගැනීමට දිව ගිය බවත්ය.
    එසේම මිනිසුන්ගේ කෑගැසීම් තවතමත් තමාගේ මනසෙහි දෝංකාර දෙන බවත් මිනිසුන් උදව් ඉල්ලා කෑ ගැසූ බවත් ඔහු AFP පුවත් සේවයට පවසා තිබෙනවා.

    මේ අතර එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිතව තිබුණේද අද(30) දිනයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අවසන් මොහොතේ එම සංචාරය අවලංගු කර තිබෙනවා.

    Police officers among 33 dead and 150 wounded in suicide blast at a mosque in Pakistan’s Peshawar
    පෙර පුව​තසංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රථමවරට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කරයි
    ඊළඟ පුව​ත පාන් ඇතුළු බේකරී නිෂ්පාදන මිල ඉහළට?

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group