පූර්ව අනතුරු ඇගවීම් හා අනාවැකිකරණ තීන්දු තීරණ සඳහා උපකාර කරන නව මෘදුකාංගයක් එළිදැක්වීම බත්තරමුල්ල ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ දී සිදු කෙරුණා.
ආපදා වළක්වා ගැනීමට මෙන්ම කාලගුණික දේශගුණික තත්ත්වයන් පිළිබද පූර්ව නිගමනවලට එළඹීමට මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් හැකියාව ලැබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සදහන් කළේ.